නේපාලයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස බාලේන්ද්‍ර ෂා දිවුරුම් දෙයි

නේපාලයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස බාලේන්ද්‍ර ෂා අද (27)  දිවුරුම් දුන්නා.

නේපාලයේ පැවති තරුණ විරෝධතාවලින් පසු පැවති පළමු මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට හිටපු රැප් ගායකයෙකු හා නගරාධිපතිවරයෙකු ලෙස කටයුතු කළ බාලේන්ද්‍ර ෂා සමත් විය.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ 35 හැවිරිදි බාලේන්ද්‍ර ගේ දේශපාලන නැගී සිටිම නේපාල ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙසයි.

නේපාලයේ ආර් එස් පී පක්ෂය නියෝජනය කළ බාලේන්ද්‍ර අද (27) පැවති විශේෂ උත්සවයකදී ජනාධිපතිවරයා ඉදිරියේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුනි.

Share This