නේටෝ සාමාජිකත්වයෙන් ඉවත්වීමට Trump සැරසෙයි
Donald Trump වන ඇමරිකානු ජනාධිපතිවරයා පවසන්නේ, NATO සන්ධානයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් බරපතල ලෙස සලකා බලමින් සිටින බවයි.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ පුවත්පතක් වන The Telegraph සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීය.
ඉරානයට එරෙහිව එක්සත් ජනපදය හා ඊශ්‍රායලය විසින් ක්‍රියාත්මක කළ මෙහෙයුමට නේටෝ සන්ධානය සම්බන්ධ නොවීම මෙම තීරණය සලකා බැලීමට හේතුවක් වූ බව ඔහු සඳහන් කළේය.
“ඔව්, මම කියන්නේ එය නැවත සලකා බැලීමෙන් ඔබ්බට ගිය කාරණයක්. මම කවදාවත් නේටෝව ගැන විශ්වාසයක් නොතිබුණා. එය ‘කඩදාසි කොටියක්’ ලෙස මට හැඟුණා. ඒ ගැන Vladimir Putin ද දන්නවා,” යනුවෙන් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කළේය.
තවද, Ukraine ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු පැවසුවේ, ඇමරිකාව සෑමවිටම යුක්රේනය වෙනුවෙන් ක්‍රියා කළද එය ඇමරිකාවට අදාළ ප්‍රධාන ගැටලුවක් නොවන බවයි.
“අපි සෑමවිටම ඔවුන් වෙනුවෙන් සිටියා. නමුත් ඔවුන් අපි වෙනුවෙන් සිටියේ නැහැ,” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම, බ්‍රිතාන්‍ය අගමැති Keir Starmer සහ බ්‍රිතාන්‍ය හමුදා හැකියාවන් පිළිබඳවද ඔහු දැඩි විවේචන එල්ල කළේය.
“ඔබට ශක්තිමත් නාවික හමුදාවක්වත් නැහැ. ඔබ වයසට ගොස් ඇති අතර නිසි ලෙස ක්‍රියා නොකරන ගුවන් යානා ප්‍රවාහන නෞකා තිබෙනවා,” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
