නුවරඑළිය ආර්ථිකය වසා දමා වෙළෙන්දෝ හා ගොවීහු මහපාරට බහී

නුවරඑළිය ආර්ථිකය වසා දමා වෙළෙන්දෝ හා ගොවීහු මහපාරට බහී

(හැටන් රංජිත් රාජපක්ෂ)
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය 10 දින වසා තබමින් රජයට සිය විරෝධය දැක්වීමට ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් සහ නුවරඑළිය ප්‍රදේශයේ එළවළු ගොවීන් පියවර ගෙන ඇත.
දේශීය වෙළෙදපොලේ ඉල්ලුමට සරිලන දේශීය අර්තාපල් සහ බී ලූණු තොග පවතිද්දී රජය විසින් බී ලූනු සහ අර්තාපල් ආනයනය කර ඇති බවත්, ඒ සඳහා ප්‍රමාණවත් බදු මුදල් අය නොකිරීමේ හේතුව මත දේශීය අර්තාපල් සහ බී ලූනූ ගොවීන්ට නිෂ්පාදන වියදමවත් ආවරණය වන පරිදි අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි බවද විරෝධතාවට එක්වූ ව්‍යාපාරිකයෝ සහ ගොවීහු පැවැසූහ.
ඊයේ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග කිසිවක් කොළඹ ඇතුළු දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ප්‍රවාහනය නොකළ බවත් එම ව්‍යාපාරිකයෝ පැවැසූහ.
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබුණි

Share This