නුවරඑළිය අදත් සුදෙන් බැබලෙයි

(නුවරඑළිය – ආර්.එෆ්.එම්. සුහෙල්)
වසර 17කට ආසන්න කාලයකට පසුව නුවරඑළිය නගර සීමාව අභයවල පට්ටිපොළ ලෝකාන්තය ඇතුළු ප්‍රදේශවලට සෙල්සියස් අංසක 05ට අඩු දැඩි සීතලක් සහිතව සෙන්ටිමීටරයක පමණ උසකින් සුදු වර්ණයෙන් මල් තුහින පතිත වී තිබීම අද (23) උදෑසන දක්නට ලැබිණ.
මෙම තත්වය හමුවේ උදැසන හත දක්වා සමස්ත පරිසරයම සුදු වර්ණයෙන් හැඩ වී තිබුණු අතර දැඩි සීතලක් ද දක්නට ලැබිණ.
මෙම දුලභ දර්ශනය දැකබලා ගැනීම සඳහා සංචාරකයන් මෙන්ම නුවරඑළියේ පරිසරවේදීන් රැසක් ද නුවරඑළිය නගරය අවට උදෑසන හය වන විට සංචාරයක යෙදී සිටීමක් දක්නට ලැබිණ.
සමාජ මාධ්‍ය ඔස්සේ ආකර්ෂණය දිනා ගැනීම සෙල්සියස් අංශක තුනක උෂ්ණත්වයක් පවතින බව පැවසුවද එය මේ වන විට කිසිදු ආකාරයකින් පිළිගත හැකි ක්‍රමයකින් වාර්තා වී නොමැති බව විශේෂත්වයකි.
