නුගේගොඩ රැලියට මමත් එනවා හිටපු ජනපති මහින්ද මහනුවරදී කියයි

(එන්. අමරසිංහ)
එළැඹෙන 21 වැනිදා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ විසින් නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැලිය සඳහා තමන් සහභාගී වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවැසීය.
සිය උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා මහනුවර දළඳා මාලිගාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව පැවසීය.
වර්තමාන ආණ්ඩුව සිදුකරනු ලබන ජනතා විරෝධී ක්‍රියාවන් සඳහා ජනතාව පෙළ ගැස්විය යුතු බවද එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා පැවැසීය.
