නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට ගිය පොලිස් නිළධාරින් 07 දෙනෙකුට බඹර ප්රහාරයක්.
කොත්මලේ වෙදමුල්ල රම්බොඩ ප්රදේශයේ රක්ෂිතයක පවත්වාගෙන යන නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට ගිය කොත්මලේ පොලිසියේ නිළධෘරින් 07 දෙනෙකුට (01) දින බඹර ප්රහාරයක් එල්ල වී ඇත.
රක්ෂිතය තුල ගමන් කිරිමෙදි ගසක බැද තිබූ බඹර කුඩුවක් පවතින අධික වියලි කාලගුණයත් සමග ඇවිස්සි එම වැටලිමට ගිය කොත්මලේ පොලිසයේ අපරාධ විමර්ෂණ ඒකකයේ ස්ථානාධිපතිපතිවරයා ඇතුලු පොලිස් නිළධාරින් 07 දෙනෙකුට බඹරුන් විශාල ලෙස දශ්ඨ කර තුවාල කර ඇති බවයි කොත්මලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඉන්දික ලලිත් මහතා කියා සිටියේ.
වැටලීමට ගිය පොලිස් නිළධාරින්ට බඹර ප්රහාරයක් එල්ල වී ඇති බවට ලද තොරතුරක් මත 1990 සුවසැරි ගිලන් රථ දෙකක් එම රක්ෂිතය ආසන්නයට ගෙනවා තුවාලකරුවන් 07 දෙනා ගෙන් දෙදෙනෙකු කොත්මලේ ප්රාදේශීය රෝහල වෙත ඇතුලත් කර බරපතල තත්වයේ සිටි පොලිස් නිළධාරින් 5 දෙනෙකු නුවරඑලිය දිස්ත්රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
බඹර ප්රහාරයට ලක් වූ පොලිස් නිළධාරින් තිදෙනෙකුගේතත්වය බරපතල බවයි නුවරඑලිය දිස්ත්රික් රෝහලේ නිළධාරියෙකු කියා සිටියේ.
