නීති විරෝධී මත්ද්‍රව්‍ය සමග තිරප්පනේ 22කට මාංචු

(තිරප්පනේ – සමන් පෙරේරා)
රජය මගින් ක්‍රියාත්මක කරන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන හා මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව තිරප්පනේ පොලිස් බල ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීම් 18කින් නීතීවිරෝධී මත්පැන්, හෙරොයින්, අයිස් සහ ගංජා සමඟ සැකකරුවන් 22 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි තිරප්පනේ පොලිසිය පැවසීය.
මෙම වැටලීම්වලින් නීතීවිරෝධි මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා බෝතල් 3266ක්, කසිප්පු බෝතල් 59ක්, හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 470ක්, අයිස් මිලිග්‍රෑම් 230ක් හා ගංජා මිලිග්‍රෑම් 1170ක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය කීය.
මෙහිදී ගල්කුලම ඉරහඳකෙටූවැව ග්‍රාමයේ කැලෑ බිමක පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදන මධ්‍යස්ථානයක් ද වැටලූ අතර වෙල්ලමුදාව, ඉඳිගහවැව, වෙට්ටන්කුලම, සෙලෙස්තිමඩුව ගම්මානවලින් නීතීවිරෝධී මත්පැන් සමඟ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය පොලිස්පති අයි.බී.ටී.සුගතපාල හා සහකාර පොලිස් අධිකාරී ii ප්‍රභාත් විතානගේ මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් තිරප්පනේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.ඩී.එස්.කේ.පී.ජයතිලක මහතාගේ මූලීකත්වයෙන් පොලිස් නිලධාරීහූ පිරිසක් මේ වැටලීම්වලට සහභාගීවූහ.