නිව්යෝර්ක් නගරයට දරුණු හිම කුණාටුක්
නිව්යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානි ඉරිදා සිට සඳුදා දක්වා නගරය පුරා අගුලු දැමීමට නියෝග කළා. ඒ ශීත හිම කුණාටුවක් එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයේ මිලියන 40 ක ජනතාවට බලපානු ඇතැයි අපේක්ෂා කරන බැවිනි.
ඉරිදා රාත්‍රී 9 සිට සඳුදා දහවල් 12 දක්වා බයිසිකල් සහ ස්කූටර් ඇතුළු අත්‍යවශ්‍ය නොවන වාහන ගමනාගමනය සඳහා නගර වීදි වසා දැමීමට මම්දානි නියෝග කළේය.
සඳුදා පුස්තකාල වසා තබන බව මම්දානි X/Twitter වෙත සටහනක් තබමින් පැවසුවේ විධිමත් හිම දිනයක් ප්‍රකාශයට පත් කර ඇති බවත් සියලුම පාසල් ගොඩනැගිලි වසා දමන බවත්ය.
