නැමීබියාව සිය පළමු කාන්තා නායිකාව තෝරාපත්කර ගැනීමේ සූදානමක: Netumbo Nandi-Ndaitwah

නැමීබියාව සිය පළමු කාන්තා නායිකාව තෝරාපත්කර ගැනීමේ සූදානමක: Netumbo Nandi-Ndaitwah

නැමීබියාව සිය පළමු කාන්තා නායිකාව තෝරාපත්කර ගැනීමේ සූදානමක පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නැමීබියාවේ දිගුකාලීන පාලක පක්ෂයේ බලාපොරොත්තු සාර්ථක වුවහොත්, එරට මේ සතියේ එහි පළමු කාන්තා රාජ්‍ය නායිකාව තෝරාපත්කර ගනු ඇති.

ඒ අනුව 1990 නිදහසින් පසු වඩාත් තරඟකාරී විය හැකි බවට විශේෂඥයින් විශ්වාස කරන මැතිවරණයේදී, නව සභාපතිවරයෙකු සහ ජාතික සභාවේ සාමාජිකයින් තෝරාපත්කර ගැනීම සඳහා නැමීබියානුවන් බදාදා ඡන්ද විමසීම සඳහා යොමු වීමට නියමිතයි.

වත්මන් උප ජනාධිපති වන 72 හැවිරිදි Netumbo Nandi-Ndaitwah වසර 34 ක් බලයේ සිටින පාලක නිරිතදිග අප්‍රිකානු ජනතා සංවිධානයේ (SWAPO) ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ කරයි.

මිලියන 3 ක ජනගහනයක් සහිත එරට ලියාපදිංචි ඡන්දදායකයින් ගණන මිලියන 1.4 කි.

දේශපාලන පක්ෂ 15ක් ජනාධිපති ධුරයට මෙන්ම ජාතික සභාවේ ආසන සඳහා තරග වදින අතර බොහෝදෙනාගේ බලාපොරොත්තුව, Nandi-Ndaitwah රටේ පළමු කාන්තා ජනාධිපතිවරිය බවට පත්වනු ඇති බවයි.

1990 දී නැමීබියාව වර්ණභේදවාදී දකුණු අප්‍රිකාවෙන් නිදහස ලබා ගත් දා සිට, SWAPO සෑම විටම ජනාධිපති අපේක්ෂකයින් සඳහා ඉදිරිපත් කර ඇත්තේ පිරිමි අපේක්ෂකයින් ය.

Share This