නැගෙනහිර රෝහල්වල වෛද්‍ය වර්ජනයක්

නැගෙනහිර රෝහල්වල වෛද්‍ය වර්ජනයක්

(නිමල් දයාරත්න)රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද (13දා) නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල වෛද්‍ය වර්ජනයක් ක්‍රියාත්මක කළේය.
අක්කරපත්තුව මුලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට පරිපාලන සහ මුදල් විෂමාචාර සිදුවීම් ඇති නිසා ඔහු එම තනතුරින් ඉවත් කරන ලෙසත් එම තනතුර සඳහා වෙනත් අධ්‍යක්ෂකවරයකු පත් කරන ලෙසත් ඉල්ලා මෙම වර්ජනය ක්‍රියාත්මක කළේය.

ඒ අනුව නැගෙනහිර පළාතේ මහ රෝහල් 02ක, ශික්ෂණ රෝහලක, මුලික රෝහල් 17ක, ප්‍රාදේශීය රෝහල් 52ක සහ ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථාන 113ක මෙම වර්ජනය ක්‍රියාත්මක විය.

Share This