නැගෙනහිරට වැසි ස්වල්පයක්

දිවයිනේ සෙසු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්

නැගෙනහිරට වැසි ස්වල්පයක්

අද (03) දිනයේ නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

මේ අතර මඩකලපුව සිට සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වනවා.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතින බව වැඩිදුරටත් සඳහන්.

Share This