නාරම්මල අනතුරකින් තිදෙනෙක් මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලබයි

(සෙනාෂ් කොළවත්ත)
නාරම්මල කුරුණෑගල මාර්ගයේ නාරම්මල ආසන්නයේ 05දා ලංගම බස් රථයක් සහ ලොරි රථයක් ගැටී ලොරියේ ගමන් ගත් තිදෙනෙක් මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා තිබේ.
මියගිය තිදෙනා අතර ලොරි රථ රියැදුරු, එහි ගමන් ගත් පිරිමියෙක් සහ තවත් කාන්තාවක් සිටින බව පොලිසිය පවසයි.
කුරුණෑගල සිට නාරම්මල දෙසට ධාවනය වූ ලොරි රථය පාලනයෙන් ගිලිහී කටුනායක සිට අක්කරෙයිපත්තුව බලා ධාවනය වූ බස්රථයේ ගැටීමෙන් මෙම මාරක අනතුර සිදුව ඇත.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 41, 80 සහ 82ක් වයසැති තිදෙනෙකි. ලොරි රථයේ ගමන්ගත් අවුරුදු 40ක කාන්තාවක්, 16ක සහ වයස අවුරුදු 09ක දැරියන් දෙදෙනෙක් තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.