නව ප්‍රේම සබඳතා ඇතිවෙයි: අද දවස ඔබට කොහොම ද?
අද දවස ඔබට කොහොම ද?
28.11.2024 බ්‍රහස්පතින්දා
රාහු කාලය
අද : 01.29 සිට 05.59 දක්වා
හෙට: 10.29 සිට 11.59 දක්වා
මේෂ
උනන්දුවෙන් ක්‍රියාකාරකම්වල යෙදේ. ප්‍රීති සාද, මංගල සාද වැනි දේට යොමු වෙයි. මහජන සබඳතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. තරමක් ගමන් බිමන් ද බහුල වෙයි. හදිසි ධන ලාභ ද දෙයි. නේත්‍ර රෝග, මුඛ රෝග මතුකරයි.
ශුභ වර්ණය – තද රෝස/ ජය අංකය – 03
වෘෂභ
ක්‍රියාකාරකම් බහුල වෙයි. තම ඥාති සබඳතා වර්ධන ක්‍රියාවන් යෙදේ. වගකීම් බහුල දිනකි. ගෞරවයෙන් ක්‍රියාකිරීමට සිදුවෙයි. තරමක් වැයපස ද ඉහළ යයි. අමතර ලාභ ද දෙයි. රත්තපීඩක රෝග මතුකරයි.
ශුභ වර්ණය – රන්වන්/ ජය අංකය – 02
මිථුන
දුර ගමන් යෙදේ. තරමක් රාජකාරි ද බහුල වෙයි. තම අරමුණුවලට බාධා ගෙන දෙයි. උත්සව සාදවලදී කැපීපෙනේ. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවකට හේතුයි. ප්‍රේම සබඳතා ඇතිවෙයි. ඉදිමුම් රෝග, ස්නායු රෝග මතුවෙයි.
ශුභ වර්ණය – කොළ/ ජය අංකය – 07
කටක
ක්‍රියාශීලි දිනකි. රාජකාරි ස්ථානවල තරමක් අස්ථාන චෝදනා එල්ල වෙයි. ඉවසීමෙන් දවස ක්‍රියාකළ යුතුය. තම වචන සභාවේ දිනයි. සතුරන් දමනය වෙයි. හදිසි ලාභ ලබයි. සිරසගත රෝග, උගුරෙහි ආබාධ මතුවේ.
ශුභ වර්ණය – සුදු/ ජය අංකය – 05
සිංහ
ගමන් බිමන් බහුල වෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන අතර තුරඟ තරග ආදියෙන් ජය ගනී. සතුරු බලවේග පරාද කරයි. විනෝදජනක කටයුතුවල යෙදෙන අතර කලක් වද දුන් රෝගවල සුව තත්ත්ව උදාවේ.
ශුභ වර්ණය – ළා දම්/ ජය අංකය – 06
කන්‍යා
ශුභවාදී ඵල මතුකරයි. මංගල සාද වැනි දේට හේතුයි. තම ඥාති මිත්‍රාදීන් අතර සබඳතා වර්ධනය වන කරුණු යෙදේ. පොදු සද්කාරක ක්‍රියාවන්හි යෙදේ. හදිසි ලාභ මතුකරයි. වාතාධික රෝග මතුවෙයි.
ශුභ වර්ණය – ළා රෝස/ ජය අංකය – 01
තුලා
ශුභවාදී ඵල මතුකරයි. නව ප්‍රේම සබඳතා ඇති වෙයි. තම අරමුණු ජයගනී. සතුරන් පරාජය වෙයි. තම ආර්ථික වර්ධනයට කරුණු යෙදේ. විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. වැයපස ඉහළ යයි. ආහාර විෂවීම්වලට හේතුයි.
ශුභ වර්ණය – ක්‍රීම්/ ජය අංකය – 08
වෘශ්චික
ශුභවාදී ඵල මතුකරයි. ඥාති මිත්‍රතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. මංගල සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. අලංකාර කටයුතුවල යෙදෙන අතර වැයපස ඉහළ යයි. සිරසගත රෝග ද මතුවේ.
ශුභ වර්ණය – රතු/ ජය අංකය – 07
ධනු
ක්‍රියාකාරී දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. ආගමික වතාවත්, පුද පූජා ආදියෙහි යෙදේ. ප්‍රීති උත්සව වැනි දේවල් ද යෙදෙන අතර තරමක් මිල මුදල් වැය වන දිනකි. අමතර ලාභ ද ලබයි. ස්නායු පද්ධතියේ රෝග මතුවේ.
ශුභ වර්ණය – කහ/ ජය අංකය – 01
මකර
ගමන් බිමන් අධික වෙයි. ප්‍රීති සාද යෙදේ. වන්දනා ගමන් ද යෙදේ. ආගමික වතාවත්, දාන ශීලාදී ක්‍රියාවන්හි ද යෙදෙන අතර තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. ඔවුන් නිසා තරමක් මිල මුදල් වැය කිරීමට සිදුවේ. වාත රෝග, කොන්ද ආශ්රිත රෝග මතුවේ.
ශුභ වර්ණය – නිල්/ ජය අංකය – 04
කුම්භ
දහමට ළැදිව ක්‍රියා කරයි. දාන ශීලාදී ගුණධර්මවල යෙදේ. තමා ඇසුරු කරන්නෝ ද ඒ සඳහා යොමු කරවයි. අසල්වැසි සබඳතා වර්ධනය වේ. සුහදතා වර්ධන ක්‍රියාකාරකම්වල යෙදේ. මුත්‍රා ආසාදන රෝග මතු කරයි.
ශුභ වර්ණය – දම්/ ජය අංකය – 05
මීන
දැහැමි සිතුවිලි මත දවසේ ක්‍රියාකාරකම්වල යෙදේ. පොදු සේවා, සමාජ සද්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. විනෝද ගමන්, විනෝදජනක ක්‍රියා වැනි දේවල ද යෙදේ. හදිසි ධන ලාභ ලබයි. සිරසගත රෝගවලට ද හේතුයි.
ශුභ වර්ණය – තැඹිලි/ ජය අංකය – 09