නවීකරණය කරන ලද කොළඹ කොටුව බස් නැවතුම්පොළෙහි මෙහෙයුම් කටයුතු අද (08) සිට ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම බස් නැවතුම්පොළ නවීකරණය කරනු ලැබුවේ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීම මතය.
නවීකරණ කටයුතු අවසන් වූ පසු බිම් මහල බස් නැවතුම් අංගණය ලෙසත්, දෙවන මහල රියදුරු හා කොන්දොස්තර විවේකාගාර ලෙසත්, තෙවන මහල පරිපාලන හා මෙහෙයුම් කටයුතු සඳහාත් භාවිතා කළ හැකි මධ්‍යස්ථානයක් ලෙස ජනතා අයිතියට පත් කිරීමට නියමිත බවද එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය සඳහා විශේෂ ප්‍රවාහන සේවා හෙට ( 09) සිට එම බස් නැවතුම්පොළෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද වැඩි දුරටත් සදහන් කර ඇත.
ඒ වෙනුවෙන් අතිරේක බස් රථ 1500ක් පමණ යොදවා ඇති අතර, කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළෙන් හැටන්, බදුල්ල, මහනුවර, බණ්ඩාරවෙල, අනුරාධපුර, ත්‍රිකුණාමලය, යාපනය, හලාවත සහ පුත්තලම ඇතුළු ගමනාන්ත රැසකට බස් ධාවනය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වැඩි දුරටත් සදහන් කරනවා.
