නවසීලන්ත ශ්‍රී ලංකා රග්බ් තරගාවලිය දෙවන වරටත් ශ්‍රී ලංකාවේ දී
නවසීලන්ත – ශ්‍රී ලංකා රග්බි තරගාවලිය අප්‍රේල් මස 25 වැනිදා ආරම්භ වීමට නියමිතයි .
තරගය සඳහා නවසීලන්ත ජාතික (කිලෝග්‍රෑම් 85 ට අඩු) කණ්ඩායම අප්‍රේල් 20 වැනිදා කොළඹට පැමිණීමට කටයුතු සූදානම් කර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සහ අනුග්‍රහකයින් ප්‍රකාශයට පත් කිරීම පසුගියදා (26) සිදු කර තිබෙනවා .
මැලිබන් ආයතනය, කොමර්ෂල් බැංකුව, සිනමන් ලයිෆ්, ඒකන්ට් ස්පෙන්ස් සහ ඇක්සස් ආයතනය, SLT Peo tv, ශ්‍රී ලංකා ගුවන් සමාගම, ප්‍රීමා, හේලිස් සමාගම, ඩයලොග් පපරේ ආයතන මේ සඳහා අනුග්‍රහය දක්වන බවයි වාර්තා වන්නේ .
ජාත්‍යන්තර තරඟ දෙකක් අප්‍රේල් 25 කොළඹ දී හා මැයි 3 මහනුවර දී පැවැත්වීමටත් , අප්‍රේල් 27 වන දින කොළඹ දී සහ මැයි 1 වන දින මහනුවරදී පුහුණු සැසි දෙකක් පැවැත් වෙනවා .
මීට සමගාමීව රග්බි ක්‍රීඩාව බිම් මට්ටමේ සංවර්ධනය සහ රසික සහභාගීත්වය සමඟ මිශ්‍ර කරන පුළුල් සංචාරයක් ආරම්භ කිරීමට නියමිතයි .
