නවසීලන්තයේ උසම කඳු මුදුනින් ඇදවැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට

නවසීලන්තයේ උසම කඳු මුදුන වන අඕරාකි මවුන්ට් කුක් කඳු මුදුන තරණය කිරීමට ගිය කඳු නගින්නන් සිව්දෙනකුගෙන් යුත් කණ්ඩායමක දෙදෙනෙක් එම කඳූ මුදුනින් පහළට ඇදවැටී ජීවිතක්ෂයට පත්ව ඇත.
දකුණු ඇල්ප්ස් කඳු මුදුනට ඉහළින් පිහිටි මෙම කඳු මුදුන මීටර් 3,724ක් උසකින් යුක්ත අතර මෙම පිරිසේ සිටි ඩතිරි සාමාජිකයින් දෙදෙනා හෙලිකොප්ටරයක් ආධාරයෙන් මුදාගැනීමට ආපදා අංශ කටයුතු කර ඇත. මෙම මියගිය දෙදෙනාගෙන් එක් අයෙකු කඳු නැගීමේ මාර්ගෝපදේශකයකු බව ද වාර්තා වෙයි.
