නරේන්ද්‍ර මෝදි – අනුර හමුවක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ හමුවකට අද (20) දහවල් නවදිල්ලි නුවරදී එක්වීමි. AI Impact 2026 සමුළුව සඳහා ආරාධනා කිරීම පිළිබඳ මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ස්තූතිය පළ කළෙමි. ඉන්දු – ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ සංස්කෘතික සහයෝගීතාව පුළුල් කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළෙමි. එමෙන්ම, දිට්වා සුළි කුණාටුව හමුවේ ශ්‍රී ලංකාවට ලබා දුන් සුවිශේෂී සහය අගය කරමින්, ඒ වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත කෘතඥතාව පළ කළෙමි.

Share This