ධීවරයන්ට විශ්‍රාම වැටුපක් 21 සිට වැඩ අරඹයි

(විනීතා එම්. ගමගේ)
ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය 21දා සිට ආරම්භ වන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය සමග එක්ව හඳුන්වා දෙන මෙම ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ විශේෂත්වය වන්නේ වයස 60 න් පසු එක් එක් වයස් සීමාවන්හිදී එය වැඩිවීමය. එමෙන්ම ප්‍රතිලාභියා මියගිය අවස්ථාවන්හිදී කලත්‍රයාට එම විශ්‍රාම වැටුප හිමිවන අන්දමින් එය සැළසුම් කර ඇතැයි ද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කියයි.
දායකයාට යම් හේතුවක් මත මෙම විශ්‍රාම වැටුපට සිය දායක මුදල් ගෙවමින් සිටිය දී අතරමග එය අතහැරුණ හොත් ගෙවූ මුදල සියයට 25ත් 74 ත් අතර වේ නම් දායක මුදල් ගෙවිය යුතු කාලය අවසන් වූ විට ගෙවනු ලැබූ මුළු මුදල හා මණ්ඩලය තීරණය කරන පොලියක් සමග ආපසු ලබාදීමට කටයුතු යොද ඇති අතර විශ්‍රිම වැටුප ලබා ගැනීමට පෙර ආබාධිත තත්ත්වයට පත්වුවහොත් බෙලහීන ප්‍රතිලාභ ලබා දීමට ද පියවර ගන්නා බව මණ්ඩලය පවසයි.
