ධනංජය ද සිල්වාගේ සහෝදරයාට මැර ප්‍රහාරයක්

ධනංජය ද සිල්වාගේ සහෝදරයාට මැර ප්‍රහාරයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන, සාවිත්‍ර සිල්වා හට මැර ප්‍රහාරයක් එල්ලව තිබෙනවා.

තියුණු ආයුධයකින් කළ මෙම ප්‍රහාරය එල්ලව ඇත්තේ ඊයේ (10) රාත්‍රී 7.30 ට පමණ බවයි පොලීසිය සඳහන් කළේ.

ප්‍රහාරයෙන් තුවලා ලද සාවිත්‍ර සිල්වා, මොරටුව ලුනාව රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරය එල්ල කර ඇත්තේ, පාතාලයට සම්බන්ධ යැයි කියන ඉන්දික සුරංග සොයිසා නොහොත් රත්මලානේ සුද්දා යන අය විසින් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු සමග එක්ව බව සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

ධනංජය ද සිල්වාගේ පියා වන රංජන් ද සිල්වා 2018 වසරේ දී ඝාතනයට ලක්වූයේ පාතාලයේ වෙඩි තැබීමකිනි.

ඔහු දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු නගරසභා මන්ත්‍රීවරයෙකි.

Share This