දෙහිවල සිටි එකම කහ ඇනකොන්ඩා අතුරුදන් වෙලා
(ගල්කිස්ස – ඩී.පී. හේරත්)
දෙහිවල ජාතික සත්වෝද්‍යානය තුළ සිටි එකම කහ ඇනකොන්ඩා පැටවා ඉකුත් 07 වන දින කිසියම් පුද්ගලයකු සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය.
ඉකුත් දිනෙක කාන්තාවක විසින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කහ ඇනකොණ්ඩා ඇතුළු සර්ප විශේෂ හතරකට අයත් සර්පයන් 6 දෙනකු කටුනායක ගුවන් තොටුපළ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රැකබලා ගැනීම සදහා 2025-09-15 වනදින දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත භාර දෙනු ඇත.
