දෙස් විදෙස් සංචාරකයන් පිනවන්න තිරප්පනේ වැවේ බෝට්ටු සවාරි

දෙස් විදෙස් සංචාරකයන් පිනවන්න තිරප්පනේ වැවේ බෝට්ටු සවාරි

(තිරප්පනේ – සමන් පෙරේරා)
දේශීය හා විදේශීය සංචාරකයන් උදෙසා විනෝදාස්වාදය ලබාදීමේ අරමුණින් තිරප්පනේ වැවේ කයාකින් බෝට්ටු සවාරි සේවයක් 12දා දින පෙරවරු 9. 12 ට යෙදුණු සුබ මොහොතින් ආරම්භ කෙරිණි.
මෙම බෝට්ටු සේවාව මගින් හබරණ, සීගිරිය මෙන් තිරප්පනේ ද සංචාරක කලාපයක් බවට පත්කිරීමට අපේක්ෂා කෙරේ.
විශේෂයෙන් යුරෝපීය රටවල සිට එන විදෙස් සංචාරකයන් විනෝදාස්වාදය මූලික වූ ක්‍රියාකාරකම්වලට යොමුවීම සුලබව දක්නට ලැබේ. එවැනි ක්‍රියාකාරකම් සඳහා හබරණ, සීගිරිය වැනි බොහෝ සංචාරක කලාපවල දැඩි තදබදයක් තිබෙන මොහොතක නිදහසේ විනෝදාස්වාදය ලැබීමට හැකි පරිසරයක් තිරප්පනේ වැව මූලික කර නිර්මාණය කිරීම මෙහි අරමුණයි.
තිරප්පනේ වැවේ බෝට්ටු සේවය ප්‍රචලිත කිරීමත් සමඟ සංචාරකයන් සඳහා පාපැදියෙන් ගොස් වැව්, කුඹුරුවල විචිත්‍රවත්ය විඳිමින්, ගැමි ආහාර වේලක රස බලා ගැමි සංස්කෘතිකාංග සමඟ විනෝද වන්නට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට ද එකෝ ඇඩ්වෙන්චර් බලාපොරොත්තු වෙයි.
එමෙන් ම මෙම ව්‍යාපෘතිය හරහා ගමේ බොහෝ පිරිසකට ඍජු හා වක්‍ර රැකියා අවස්ථා උදාකරදීමත්, දේශීය හා විදේශීය සංචාරකයන් අතර තිරප්පනේ ප්‍රචලිත සංචාරක කලාපයක් බවට පත්කිරීමත් එකම බලාපොරොත්තුව බව ප්‍රියන්ත වනසිංහ මහතා පැවසීය.

Share This