දෙවියනි ! සාමය කොහිද? – 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් අසයි

මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය වී සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පවසනු ලැබීය.

මැදපෙරදිග යුද උණුසුම ආරම්භ වූ දා පටන් එතුමන් සාමය ප්‍රාර්ථනා කර ඇත. ඔහු අද (15) වතිකානයේ පැවැති දේව මෙහෙය පවත්වමින් යළිත් වරක් ලෝක ප්‍රජාවගෙන් සාමය ප්‍රාර්ථනා කළේය.

ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය දියත් කර ඇති යුද්ධය වහා නවතා දමා , සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට පියවර ගන්නා ලෙස පාප්තුමා අධාරණය කරමින් කියා සිටියේය.

Share This