දුර ඉදන් එන ලොකු දොස්තරලාට ඉන්ධන කෝටාවක්
දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්ට අමතර ඉන්ධන කෝටාවක් ලබාදීමට අවධානය යොමුකර තිබෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිින බවත් දුර ප්‍රදේශවල සිට පැමිණෙන සෞඛ්‍ය අංශයේ සෙසු නිලධාරීන් සහ සේවකයන්ටද යම් වැඩිපුර ඉන්ධන ප්‍රමාණයක් ලබාදීමටත් සලකා බලන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
