දුරකතනය සොයා දුන්නාට දඹුල්ල පොලිසියට සංචාරකයාගෙන් තුති…

ස්විස්ට­ර්ල­න්තයේ සිට මෙරට සංචා­ර­යක් සඳහා පැමිණ සිටි (28) හැවි­රිදි ගුරු­ව­ර­යකු වූ Gian Muller මහතා මහ­නු­වර සිට අනු­රා­ධ­පුර බලා ධාව­නය වෙමින් තිබූ පෞද්ග­ලික බස් රථ­ය­කින් දඹු­ල්ල බලා ගමන් කරන අවස්ථාවේදී ඔහුගේ ඇපල් වර්ගයේ ජංගම දුර­ක­ත­නය අස්ථා­න­ගත වී ඇති බව දැන ගෙන රථ­වා­හන රාජ­කාරි කර­මින් සිටි දඹුල්ල රථ­වා­හන පොලී­සියේ පොලිස් සැර­යන් (46389) යූ.කේ. නිහාල් මහතා වෙත දැනුම් දී ඇත. වහා ක්රියා­ත්මක වූ පොලිස් සැර­ය­න්ව­රයා සංචා­ර­කයාගේ ප්රවේශ පත්රයේ තිබූ දුර­ක­තන අංකය හරහා බස් රථයේ හිමි­කරුට අමතා  රථයේ රියැ­දු­රුගේ සහ කොන්දො­ස්ත­ර­ව­ර­යාගේ ඇම­තු­මක්දී බස් රථය තුළ තිබූ ජංගම දුර­ක­ත­න­ය සොයා ගෙන සංචාරක තරුණයාට බාර දී ඇත.

Share This