දුඹුරු සීනි පියා නමට මම කැමැතියි

දුඹුරු සීනි පියා නමට මම කැමැතියි

(එන්. අමරසිංහ)
දුඹුරු සීනි සහ උක් ආශ්‍රිත නිෂ්පාදන රට තුළ ප්‍රවර්ධනය සඳහා තම අමාත්‍යාංශය වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර එහි එක් පියවරක් ලෙස එම නිෂ්පාදන අලෙවිසලක් නුගේගොඩ ස්ථාපිත කළ බවත් ඒ පිළිබඳ මාධ්‍ය මගින් ලබාදුන් ප්‍රචාර හමුවේ තමාට දැන් දුඹුරු සීනි පියා ලෙස නම් පටබැදි ඇති බවත් ඇමැති සුනිල් හඳුන්නෙත්ති අද (13දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
සුදු සීනි පියා ලෙස පවසනවාට වඩා දුඹුරු සීනි පියා ලෙස පැවසීම පිළිබඳ තමන් සතුටු වෙන බවද ඒ මහතා පැවසීය.
වසර පහක් තුළ මෙරටට සුදු සීනි මෙට්්‍රක් ටොන් බිලියන 353ක් ආනයනය කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 353,467ක් වැය කර ඇති බවද ඇමැතිවරයා පැවසීය. එම මුදල අයිඑම්එෆ් එකෙන් ලබා ගත් ණය මුදලෙන් බාගයක පමණ ප්‍රමාණයක් බවද ඇමැතිවරයා පැවැසීය.
සුදු සීනි භාවිතය ජනතාවගේ සෞඛ්‍යයටද හිතකර නොවන අතර දුඹුරු සීනි රට තුළ ප්‍රවර්ධනය තුළින් රටේ විදෙස් මුදල් සංචිත ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමේ හැකියාව පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

Share This