දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා නව වැඩපිළිවෙලක්
දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
දුම්රිය මූලස්ථානයේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයින් සමග ඊයේ (13) පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, දෙපාර්තමේන්තුවේ පවතින සේවක හිඟයට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි.
මේ අතර දුම්රිය ප්‍රමාදය සහ දුම්රිය දෝෂ වළක්වා ගැනීමට අවධානය යොමුවී ඇති බවත්, දුම්රිය සේවය දියුණු කරගැනීම වෙනුවෙන් මේ වනවිට අයවැය යෝජනා ද ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.