දුම්රියටත් තොටිලි පදවන දෑත්

-විනීතා එම්. ගමගේ-
මෙතෙක් පිරිමි පක්ෂයට පමණක් සීමා වූ දුම්රිය එන්ජින් රියැදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවෙයි.
ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව ඇති අතර දැනට අනුමත බඳවා ගැනීම් පරිපාටිය තුළ කාන්තා නිලධාරින් බඳවා ගැනීමට ප්‍රතිපාදන නොමැති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි අමාත්‍ය මණ්ඩලයට පැවරී ඇති බලතල අනුව මෙම තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමට ප්‍රතිපත්තිමය එකඟතාව ලැබී ඇත.
රජයේ නව ආර්ථික ප්‍රතිපත්ති අනුව රාජ්‍ය අංශයේ මෙතෙක් කාන්තාවන් බඳවා නොගත් තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීම ඉඩ ප්රස්ථා ලබාදීමේ පියවරක් ලෙස මෙම අනුමැතිය ලබා දුන් බව කැබිනට් ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
