දුගඳ හමන ‘මළ මල’ දැකීමට දහස් ගණනක්: දශකයකට වරක් පමණක් පිපෙන මලක්

දුගඳ හමන ‘මළ මල’ දැකීමට දහස් ගණනක්: දශකයකට වරක් පමණක් පිපෙන මලක්

මෙල්බර්න් නගරයට දකුණින් පිහිටි ඔස්ට්‍රේලියානු නගරයක් වන Geelong හි, මළ මලක් පිපී තිබෙනවා.

මෙය දුගඳ හමන මලක් වන අතර, දශකයකට වරක් පමණක් පිපෙන බව සඳහන්.

මේ නිසා එම දුර්ලභ මල දැකගැනීමට විශාල ජනතාවක් පැමිණෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මෙම මල පිපීමත් සමග ඇතිවන අධික දුර්ගන්ධය කුරුමිණියන් සහ මැස්සන් වැනි පරාග කාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා උපකාරී වනවා.

කෙසේ වෙතත්, එය අනපේක්ෂිත ලෙස හට ගන්නා අතර සමහර විට වසර 10 කට වරක් පමණක් මල පිපෙන බව සඳහන්.

සෑම පිපීමක්ම පැය 24 සිට 48 දක්වා පමණක් පවතින අතර එය දැක ගැනීමට විශාල ජනකායක් මේ වන විටත් පැමිණෙන බවයි CNN පුවත් සේවය පවසන්නේ.

මෙම ශාකය දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි පිහිටි රාජ්‍ය ශාකාගාරයෙන් 2021 දී Geelong උද්භිද උද්‍යානයට තෑගි කරන ලද එකක්වන අතර වසර ගණනාවක් උද්‍යාන විද්‍යාඥයින් නව අංකුරයක සලකුණු දෙස බලා සිට තිබෙනවා.

දින ගණනක අපේක්ෂාවෙන් පසු නොවැම්බර් 11 වන සඳුදා දින මෙම ශාකය පිපෙන්නට පටන් ගෙන ඇති අතර, පළමු දිනයේම 5,000 ක පමණ පිරිසක් එය නැරඹීමට පැමිණි බව Geelong Parks කළමනාකරු Reese McIlvena පවසා තිබෙනවා.

මෙම මළ මල නැරඹීමට පැමිණි අමුත්තන් මෙම සුවඳ විස්තර කර ඇත්තේ මියගිය මීයෙකු හෝ ගඳ ගසන පොකුණකට සමාන සුවඳක් ලෙස බවයි.

මල් පිපීම අවසන් වීමට අපේක්ෂා කරන අඟහරුවාදා සවස දක්වා උද්භිද උද්‍යානය පැය 24 පුරා විවෘතව තබන බවත් උද්භිද උද්‍යාන කළමනාකරු පවසනවා.

Share This