දුක හිතෙන කතාවක් කියන්නද? ආසියාවේ සතුට අඩුම රට ලංකාව

World Happiness Report අනුව, ශ්‍රී ලංකාව ලෝකයේ සතුටු දර්ශක ශ්‍රේණිගත කිරීමේ 134 වැනි ස්ථානයට පහළට වැටී ඇත.
පසුගිය වසරේ 133 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙවර ස්ථානයක් පහළට ගමන් කර ඇති අතර, ලකුණු 10න් 4ක් පමණක් ලබාගෙන තිබේ.
ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් Namibia සහ පහළින් Ethiopia සිටී.
අසල්වැසි රටවල් අතර,
India – 116
Pakistan – 104
Nepal – 99
Bangladesh – 127
Myanmar – 129
Japan – 61
ආසියාවේ සතුටින්ම සිටින රට ලෙස Taiwan 26 වැනි ස්ථානයට පත්වී ඇත.
ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස Finland පළමු ස්ථානය ලබාගෙන ඇති අතර,
දෙවැනි සහ තෙවැනි ස්ථාන Iceland සහ Denmark වෙත හිමිව ඇත.
මෙම ශ්‍රේණිගත කිරීම සිදු කරන්නේ
ඒක පුද්ගල ආදායම
ආයු අපේක්ෂාව
නිදහස
දූෂණයෙන් තොර බව
සමාජ සහය
ත්‍යාගශීලී බව
යන කරුණු 6ක් මත පදනම්වය.
මෙම වාර්තාව සෑම වසරකම International Day of Happiness දිනට නිකුත් කෙරේ.
