දිස්ත්‍රික්ක 4කට ප්‍රබල අකුණු අවදානමක්

කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු එල්ලවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව එම ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බවද
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
