දිවුල්වැවේදී සතියක් ඇතුළත වනඅලි ප්‍රහාරයකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

දිවුල්වැවේදී සතියක් ඇතුළත වනඅලි ප්‍රහාරයකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

(ගලෙන්බිදුණුවැව – චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය)
කහටගස්දිගිලිය දිවුල්වැවේදී අලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කහටගස්දිගිලිය දිවුල්වැව පොලිසිය පැවසීය.
09දා අලුයම හයට පමණ පාපැදියකින් තම වගාබිම වෙත යමින් සිටියදී දිවුල්වැව මුකිරිවැව ප්‍රධාන මාර්ගයේදී වන අලි පහරදීමට ලක්ව ඇති අතර පහරදීමෙන් එම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇතැයි අප කළ විමසීමකදී දිවුල්වැව පොලිසිය පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ දිවුල් වැව ප්‍රදේශයේ පදිංචි හතළිස් හය හැවිරිදි දෙදරු පියෙකු වන අතර ගතවූ පසුගිය සතිය තුළ වන අලි පහරදීමකින් ප්‍රදේශයේ මෙම මරණය ඇතුළු දෙවන මාරණය බවත් මෙලෙස දිනෙන් දින අහිමිවන ජවිත හා දේපළ වන අලින්ගෙන් බෙරා ගැනීමට මේ දක්වා වගකීතු පාර්ශවයන් දැනුවත් කළ ද කිසිදු ප්‍රතිඵලයක් නොවූ බව පවසන ගම්වාසීන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙසයි.

Share This