දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද සවස වර්ෂාව

Department of Meteorology Sri Lanka පවසන පරිදි අද (13) පස්වරු 2.00න් පසු බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද අනාවරණය කරයි.
ඌව සහ නැගෙනහිර පළාත්වල ස්වල්ප වැසි ඇතිවිය හැකි අතර, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද සඳහන් වේ.
එමෙන්ම බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් සහ ගාල්ල, මාතර, කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද දැනුම් දී ඇත.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
