දියවඩන නිලමේ නිලවරණයේදී කාන්තාවන් වීම නිසා ප්‍රාදේශීය ලේකම්වරියන් 100 කට ඡන්දය නැහැ

දියවඩන නිලමේ නිලවරණයේදී කාන්තාවන් වීම නිසා ප්‍රාදේශීය ලේකම්වරියන් 100 කට ඡන්දය නැහැ

(මහනුවර – එස්.කේ. සමරනායක)
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලවරණය සඳහා ඡන්ද බලය හිමි ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම්වරුන් 176 දෙනාගෙන් 100ක් පමණ කාන්තාවන් වීම නිසා ඔවුනට එම නිලවරණයේදී ඡන්ද බලය අහිමි වී ඇතැයි වාර්තාවේ.
වර්ෂ 2005 දී හා 2015 දී පැවති දියවඩන නිලමේ නිලවරණය අවස්ථාවලට වඩා ශිඝ්‍රයෙන් කාන්තාවන් ප්‍රාදේශීය ලේකම්ධුරවලට පත්වීම වර්ධනය වී තිබීම මීට හේතුවයි.
අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් ඇතුළු රජමහා විහාරාධිපති හිමිවරු 150 නමක් ප්‍රාදේශීය ලේකම්වරු 176 ක්, බස්නායක නිලමේවරු 31 ක් හා ගිහි භාරකරුවන් 10 දෙනෙක් මෙම නිලවරණයේදී ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටිති.

 

Share This