දින අනුවක් ඇතුළත බදු නොගෙව්වොත් මත්පැන් සමාගම්වල බලපත්‍ර අහෝසියි

දින අනුවක් ඇතුළත බදු නොගෙව්වොත් මත්පැන් සමාගම්වල බලපත්‍ර අහෝසියි

(ශිරාන් රණසිංහ
මත්පැන් නිෂ්පාදන සමාගම් ගෙවිය යුතු බදු සහ ගෙවිය යුතු අදාළ ගාස්තු දින 90ක් ඇතුළත නොගෙවන්නේ නම් එම සමාගම්වල මත්පැන් බලපත්‍ර නිෂ්පාදනය, බෙදා හැරීමට නිකුත් කර ඇති බලපත්‍ර අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.
මේ වන විට ඊට අදාළ ගැසට් පත්‍රයක් ද නිකුත් කර තිබේ.
ජනාධිපති සහ මුදල් හා ක්‍රමසම්පාදන ඇමැති අනුර කුමාර දිසානායක මහතා විසින් 28 වැනිදා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
රජයට අයවිය යුතු සුරාබදු පැහැර හැරීම අවම කිරීම සඳහා මෙම නව නීතිය ක්‍රියාවට නංවා තිබේ.

Share This