‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු යාල් දේවී යළි වැඩ අල්ලයි

“දිට්වා” සුළි කුණාටුවෙන් හානියට පත් වූ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව අවසන් කර ඇති අතර, එය අනුව බ්‍රහස්පතින්දා (9) සිට යාපනය හා කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය තීරණය කර තිබේ.

එම සුළි කුණාටුව හේතුවෙන් උතුරු මාර්ගයේ ස්ථාන 14ක් බරපතල ලෙස හානි වී තිබූ අතර, මුල් අවධියේ තාවකාලික පිළිසකර කිරීමෙන් පසු 2025 දෙසැම්බර් 24 දින සිට කොළඹ කොටුව සහ යාපනය අතර දුම්රිය ධාවනය අඩු වේගයකින් පවත්වාගෙන ගියේය.

පසුව ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා 2026 ජනවාරි 19 දින සිට දුම්රිය ධාවනය තාවකාලිකව නවතා දමා තිබූ අතර, එම කටයුතු ඉන්දියානු රජයේ ඩොලර් මිලියන 5ක ප්‍රදානයක් යටතේ සිදුකර ඇත.

මෙම ප්‍රතිසංස්කරණයට අමතරව, මහව–ඕමන්තේ මාර්ග නවීකරණය, පාලම් 5ක් ස්ථාපනය කිරීම සහ “කාසි කොටේ” අලි උමග සම්බන්ධ කටයුතුද සම්පූර්ණ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, යාපනය නගරාන්තර දුම්රිය සහ යාපනය රාත්‍රී තැපැල් දුම්රිය 9 වන දින සිට ධාවනයට එක්කරන අතර

  • “යාල් දේවී” දුම්රිය 10 වන දින සිට දිනපතා ධාවනයට යෙදවීමට නියමිතය.

එම දුම්රියන්හි ප්‍රධාන නැවතුම් ස්ථානවල පිටත් වීමේ වේලාවන් පහත පරිදි වෙයි

 

Share This