දිට්වා ආපදාවෙන් විපතට පත් වූවන්ගේ සියලු ගෙවීම් 85%ක් ගෙවා අවසන් ගෙවල් සෝදා යළි පදිංචියට රජය රුපියල් මිලියන 20532.41ක් ගෙවයි

දිට්වා ආපදාවෙන් විපතට පත් ජනතාවට යළි තමන්ගේ නිවාස වල පදිංචි වීම සඳහා නිවාස පිරිසිදු කරගැනීමේ දීමනාව පවුල් 427,569ට රුපියල් 25,000 බැගින් රුපියල් මිලියන 10689.23ක් ගෙවා ඇත. එනම් ඊට සුදුසුකම් ලත් 98.07%ට ගෙවා අවසන්ය. තවත් පවුල් 8484ට ගෙවීමට නියමිතය. එසේම එලෙස යළි පදිංචි වූ පවුල් 146,945 ට මුළුතැන්ගෙයි අත්යවශ්ය උපකරන ලබාගැනීම සඳහා වූ රුපියල් 50,000 දීමනාව ලෙස රුපියල් මිලියන 7347 ක් ගෙවා ඇත. එහි ප්රගතිය 86%ක් වන අතර තවත් පවුල් 24148 ට ගෙවිය යුතුව ඇත. විපතට පත් පවුල්වල පාසල් දරුවන්ට පොත් සහ උපකරණ ලබාගැනීමට ගෙවනු ලබන රුපියල් 15,000 දීමනාව ලෙස සිසුන් 166,414 ට රුපියල් මිලියන 2496.21ක් ගෙවා ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්යස්ථානය පවසයි. එහි ප්රගතිය 80%ක් වන අතර තවත් පාසල් සිසුන් 40898 ට මෙම දීමනාව ගෙවීමට නියමිතය.

Share This