දැරියන් 60කට වැඩි පිරිසක් අපයෝජනය කළ ළමාරක්ෂක සේවකයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්: ඔස්ට්‍රේලියාවෙන් ඇහෙන කතාව
ගැහැණු ළමයින් 70 කට ආසන්න සංඛ්‍යාවක් ලිංගික අපයෝජනයට ලක් කළ, ඔස්ට්‍රේලියානු හිටපු ළමාරක්ෂක සේවකයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.
47 හැවිරිදි, ඈෂ්ලි පෝල් ග්‍රිෆිත් (Ashley Paul Griffith) නම් මෙම පුද්ගලයා, මෙතෙක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වුණු ‘දැඩි ළමා කාමුකයන්ගෙන් අයෙක්’ වන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
ඈෂ්ලි විසින් 2003 වසරේ සිට 2022 වසර දක්වා ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සහ ඉතාලියේ ළමා සුරැකුම් මධ්‍යස්ථානවල සිදුකළ වැරදි 307 ක් පාපොච්චාරණය කර ඇති බව සඳහන්.
ඔහුට ගොදුරු වූවන් වයස අවුරුදු එකත් හතත් අතර දරුවන් වන බවයි වාර්තා වන්නේ.
මීට අමතරව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දරුවන් පිරිසක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ද ඈෂ්ලි ග්‍රිෆිත්ට චෝදනා එල්ලව ඇති බව සඳහන්.
ඒ අනුව ඈෂ්ලි හට තීන්දුවක් ලබාදෙමින් බ්‍රිස්බේන් දිස්ත්‍රික් උසාවියේදී විනිසුරු ස්මිත් පෙන්වා දී තිබුණේ, ඔහු “paedophilic disorder” නම් තත්ත්වයකින් පෙළෙන බවත් ඊට අනුව ඔහු නැවත වරදක් කිරීමේ ඉහළ අවදානමක් ඇති බවත් ය.
එනිසාවෙන් අවම වශයෙන් වසර 27 ක සමාවක් නොවන කාල සීමාවක් නියම කරන බවටයි විනිසුරුවරයා තීන්දු කර ඇත්තේ.
ඔස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසිය විසින් ඈෂ්ලි ප්‍රථම වරට අත්අඩංගුවට ගෙන තිබුණේ 2022 වසරේ අගෝස්තු මාසයේදී යි.
ඉන් වසරකට පසුව ළමා ලිංගික අපරාධ 1,600කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවද, පසුව ඒවායින් බොහොමයක් අතහැර දමන ලද බව සඳහන්.
කෙසේ නමුත් දිගින් දිගටම කරන ලද විමර්ශන හමුවේ ඈෂ්ලි විසින් සිදුකළ අපයෝජනයන්ගේ ඡායාරූප සහ වීඩියෝ විශාල ප්‍රමාණයක් ද සොයාගෙන තිබෙනවා.
ඒවා ඔහු විසින් රූගත කර dark web වෙත මුදාහැර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
එම දර්ශනවල දරුවන්ගේ සහ ඈෂ්ලිගේ මුහුණ පැහැදිලි නොවුණත්, ක්වීන්ස්ලන්තය පුරා ළමා සුරැකුම් මධ්‍යස්ථානවල භාවිත කෙරෙන ඇඳ ඇතිරිලි එම වීඩියෝවල පසුබිමේ දක්නට ලැබීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් ඈෂ්ලි පෝල් ග්‍රිෆිත් වෙත සැකය යොමු වූ බව සඳහන්.
ඒ අනුව ඔහු ස්ත්‍රී දූෂණ චෝදනා 28 කට, දරුවන්ට අශෝභන ලෙස සැලකීම සම්බන්ධ චෝදනා 200 කට ආසන්න ප්‍රමාණයකට, ළමයින්ව අපයෝජනය කළ දසුන් බෙදා හැරීම සම්බන්ධ චෝදනාවන්ට වරදකරු වේ.
ඔහුගේ තීන්දුව ලබාදීමට පෙරාතුව, වින්දිතයන් සහ ඔවුන්ගේ දෙමාපියන්ගෙන් චිත්තවේගීය ප්‍රකාශ මාලාවක් උසාවියේ දෝංකාර දුන් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
ඒ අතර සිටි බාලාංශයේදී අපයෝජනයට ලක් වූ සහෝදරියන් දෙදෙනෙක්ගෙන් අයෙක් වේදනාවෙන් සිහිපත් කර ඇත්තේ ඈෂ්ලි තම ප්‍රියතම ගුරුවරයා වුණු බවයි.
එමෙන්ම බොහෝ වින්දිතයන් සෘජුවම චෝදනා කර තිබුණේ, ඔහු නිසා තමන්ට ළමා කාලය අහිමිව ගිය බවයි.
එමෙන්ම මානසික රෝග තත්ත්වයන් සමඟ කළ අරගල පිළිබඳවත් ඔවුන් විවෘතව කතා කර තිබුණා.