දළදා මාලිගා අධි ආරක්‍ෂිත කලාපයේ ඩ්‍රෝන යැවූ චීනෙක් අත්අඩංගුවට

-මහනුවර – එස්.කේ. සමරනායක-
මහනුවර ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ ඇති දියවඩන නිලමේ නිල නිවෙස අසල අධි ආරක්‍ෂිත කලාපයේ ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කළ චීන ජාතිකයෙක් දළදා මාලිගාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයා ඩ්‍රෝන කැමරාව ඇතුළු උපකරණ සමඟ වැඩිදුර පරීක්‍ෂණ සඳහා මහනුවර මූලස්ථාන පොලිසියට භාර දී තිබේ.
