දහතුන් හැවිරිදි සිසුවිය බිය ගන්වා අසභ්‍ය කෙටි පණිවිඩ වීඩියෝ යවලා
දහතුන් හැවිරිදි පාසල් සිසුවියක බියගන්වා ජංගම දුරකථනයෙන් අසභ්‍ය කෙටි පණිවිඩ සහ වීඩියෝ දර්ශන යවා ඇති බව කියන යුද හමුදා සෙබළෙකු අද(5) අත්අඩංගුවට ගත් බව ශ්‍රී පුර පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තන්ති මලේ යුද හමුදා කඳවුරට අනුයුක්ත පදවි පරාක්රමපුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සෙබළෙක්.
ශ්‍රීපුර පොලිසියට අද(5) ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙනඇත.අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ශ්‍රී පුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.