දශක තුනක ආදරයෙන් පිරුණු, නලීන් පෙරේරාගේ සොඳුරු කැදැල්ල – Photos
මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ ආදරණීය කැදැල්ලට තිස් වසරක් සම්පූර්ණයි.
ඒ සොඳුරු සැමරුම වෙනුවෙන්, නලීන් පෙරේරා අපූරු ලියවිල්ලක් ද සමාජ මාධ්‍ය වෙත එක්කාසු කර තිබුණා.
මෙවර විවාහ සංවත්සරය ඔවුන්ට විශේෂ වෙන්න ලොකු හේතුවක් තියෙනවා.
ඒ තමයි මේ යුවළ සීයා – ආත්තම්මා කියන නව පදවි ලබලා සමරන පළමු විවාහ සංවත්සරය මෙය වීම….
”තිස් වසරකට පෙර
අද වාගෙම සුන්දර දවසක
අත්වැල් බැඳගෙන
ජීවිතය විඳිමින් ආ දුර හරිම ආදරණීයයි..
දෙවියන් විසින් එක්කල අප සදාකල්ම මෙසේ
මේ පූජණීය ආදරේ රැකගෙන තව දුර සතුටින් යමු…
I will always love you with all my heart
Happy Anniversary Darlo”