දයාසිරිගේ හැසිරීම් හොයන්න කමිටුවක්

දයාසිරිගේ හැසිරීම් හොයන්න කමිටුවක්

(එන්. අමරසිංහ)
සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර 2025 සැප්තැම්බර් 24 වනදා සභා ගර්භය තුළ හැසිරුණු ආකාරය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ බව කථානයකවරයා 19දා පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේය.
නියෝජ්‍ය කථානායක රිස්වි සාලි එම කමිටුවේ සභාපතිවරයා ලෙස නම් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී උපාලි පන්නිලගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර එහි සමාජිකයින් ලෙස නම් කර ඇත.
නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල සැප්තැම්බර් 25 දින පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉදිරිපත්කරන ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා මෙම කමුටුව පත්කර ඇත.

Share This