දකුණු කොරියාවේ ගුවන් අනතුරින් මියගිය ගණන 179 ක්
දකුණු කොරියාවේ මෙතෙක් සිදුවූ මාරාන්තිකතම ගුවන් අනතුර ඊයේ (29) වාර්තා වූ අතර, ඉන් 179 දෙනෙකු මරණයට පත්වූ බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
අනතුර සිදු වූ වහාම වාර්තා වූයේ, මිය ගිය ගණන 177 ක් ලෙසයි.
යානය අනතුරට පත්වන අවස්ථාව වන විට මගීන් 175 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු එහි රැඳී සිටි බව සඳහන්.
විදෙස් වාර්තාවන්ට අනුව අනතුර සිදුව තිබුණේ, යානය Muan ජාත්‍යන්තර ගුවන්තොටුපළේ තාප්පයක ගැටීමත් සමඟයි.