දකුණු කොරියානු ජනාධිපති යූන්, අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් ජනාධිපති නිවසට
දකුණු කොරියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ලෙස දෝෂාභියෝගයට ලක්ව සිටින ජනාධිපති යූන් සුක් යෝල්ගේ පරිශ්‍රයට ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, දෙසැම්බර් 3 වැනි දින යුද නීතිය පැනවීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් යූන් සුක් යෙයෝල්ට එරෙහිව සෝල් අධිකරණයක් විසින් නිකුත් කළ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවට අදාළවයි.
අදාළ වරෙන්තුව නිකුත් කර තිබුණේ, රාජද්‍රෝහී චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කිහිපයකට මුහුණ දී සිටින යූන් පසුගිය සති දෙක තුළ ප්‍රශ්න කිරීම සඳහා පෙනී සිටින ලෙස නිකුත් කළ සිතාසි තුනක් නොසලකා හැරීමෙන් පසුවයි.
විදෙස් වාර්තාවන්ට අනුව, නිලධාරීන් 20ක් පමණ ජනාධිපති නිවසට පා ගමනින් ගොස් ඇති අතර පසුව එම සංඛ්‍යාව 80 දක්වා වර්ධනය වී ඇති බවත් සඳහන්.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් යූන්ගේ නීතීඥයින් ප්‍රකාශ කර ඇත්තේ, ඔවුන් “නීති විරෝධී” අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවට අභියෝග කරන බවයි.
එමෙන්ම ජනාධිපති ආරක්ෂක අංශ ඔහුව අත්අඩංගුවට ගැනීමේ උත්සාහය වළක්වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.