දකුණු කොරියානු ආදර කතාවලට රසිකයින්ගේ ඇස්වහ
තවත් දෙපලක් වෙන්වෙයි
කොරියාව’… ඉස්සර නම් කොරියාව කිව්වම අපිට මැවෙන්නේ වෙනම ප්රතිරූපයක්නේ…
පොඩි පොඩි ලයින් පේලිවලට තියන ගෙවල්වලටත් අපි කිව්වේ කොරියාව කියලා…
හැබැයි දැන් කොරියාව කිව්වම අපිට මතක් වෙන්නේ කොරියානු ටෙලි නාට්‍ය, සිනමාව සහ සංගීතය (කේ පොප්)
ඒක වෙනම ඉමැජිනේෂන් එකක්..
ඒ තරමටම ‘දකුණු කොරියාව’ කලාවෙන් ලෝකයම ස්පර්ශ කරලා.. ලෝකේම හොල්ලලා කිව්වොත් නිවැරැදියි..
දකුණු කොරියානු නාට්‍ය, සිනමාව ඇතුළු සංගීතය කියන්නේ වෙනම පිස්සුවක්…
ශ්‍රී ලංකාවෙත් ලොකු ෆෑන් බේස් එකක් තියනවා දකුණු කොරියානු ඩ්‍රාමාවලට සහ සංගීතයට…
තරුණ තරුණියන් විතරක් නෙමේ වැඩිහිටි පාර්ශවයත් පිස්සුවෙන් වගේ කොරියානු කලා නිර්මාණවලට සහ කලාකරුවන්ට කැමතියි..
ඉතින් ගොඩාක් අයගේ සිහිනයක් තමයි කොරියාවට ගිහින් හරි මේ නළු නිලියන් ගායක ගායකාවන් මුණගැහෙන එක…
කොරියානු කලා නිර්මාණ ඒ තරම් විශිෂ්ඨයි සහ තාත්විකයි..
හැබැයි ඒ කලා නිර්මාණවල තියන තරම් සුන්දරත්වය ඇත්තටම දකුණු කොරියාවේ නැහැ කියලා තමයි ආරංචිය..
හේතුව toxic ෆෑන් බේස් එක..
ඩ්‍රාමා එකේදි නලුවයි නිලියයි එකතු වෙනවට කැමති වුණාට.. ආදරණීය ගීත ඇහුවාට දකුණු කොරියාවේ ඉන්නේ පට්ටම toxic ෆෑන් බේස් එකක් (හොඳ ෆෑන් බේස් එකකුත් තියනවා)
ඉතින් කලාකරුවන්ට කා ගැන හරි ආදරය හිතුණත්.. ආදරෙයි කියන්න.. ආදරේ කරන්න බැහැ..
මොකද ඒකට එයාලගේ ෆෑන්ස්ලා මොන විදියේ ප්‍රතිචාර දක්වයිද කියලා එයාලා බයවෙනවා..
මේ toxic ෆෑන් බේස් එක නිසා ආදරය කරපු කලාකරුවන් කී දෙනෙක්ට වෙන් වෙන්න වුණාද?
කොරියානු කලා ලෝකයේ කාගේත් කතාබහට ලක්වුණු කෙටි කාලයකින් වෙන්වුණු දෙපළක් ගැනයි අද මාතෘකාව,
දකුණු කොරියානු ජනප්‍රිය රංගන ශිල්පී ලී ජේ වුක් (Lee Jae Wook) සහ කේ පොප් ගායිකාවක් සහ නර්තන ශිල්පිනියකද වන කරීනා (Aepsa’s Karina) අතර තිබු ප්‍රේම සබඳතාව අවසන් වු පුවත පිළිබද අද (02) විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
මේ බව ඔවුන්ගේ නියෝජිත ආයතනවලින්ද (ඒජන්සි හරහා) නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති බවද සඳහන්.
නිල වාර්තා අනුව ‘ලී ජේ වුක්’ ගේ සහ ‘කරීනා’ ගේ ප්‍රේම සබඳතාව තිබිලා තියෙන්නේ සති 05ක් වැනි කෙටි කාලයක්.
මෙම පෙම් සබඳතාව පිළිබඳ ඔවුන්ගේ ආයතන හරහා ප්‍රසිද්ධියේ දැනුම් දුන්නට පස්සේ ප්‍රේක්ෂකයින්ගෙන් ඔවුන්ට ලැබුණු ප්‍රතිචාර නම් එච්චර සුබ නැහැ..
කෙසේ වෙතත් ඔවුන්ගේ මේ වෙන්විමේ පුවත ‘Internationel ෆෑන් බේස් ‘ එකටනම් දුකක්..
ඔවුන් දෙදෙනාගේ මේ වෙන්වීමට හේතුව toxic ෆෑන් බේස් එක කියලා තමයි වාර්තා වන්නේ..
ආදර සබඳතාවට සුබ පැතුම් වෙනුවට ඔවුන්ට ලැබිලා තියෙන්නේ.. තර්ජනාත්මක, විවේචනාත්මක පහත් විදියේ මෙසෙජස් සහ කමෙන්ට්ස් විතරයි.. (ඒ අතරේ සුබ පැතුම් නොලැබිලාම නෙමෙයි).
ඉතින් මේ සම්බන්ධයෙන් කරීනා ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලලා තිබුණා.. (ඒත් ආදරය කරන එක වරදක්ද? ආදරේ කරනවට ඇයි සමාව ඉල්ලන්නේ)
මේ නිර්මාණ හරහා අපි ආදරය නේ බෙදන්නේ..
කොහොම වුණත් අර toxic ෆෑන් බේස් එක මෙයාලට කරදර කරන එක නම් නවත්තලා නැහැ (ගොඩාක් කලාකරුවන්ට මේ දේට මුහුණ දෙන්න වෙලා තියනවා..)
ඒ නිසා මේ කලාකරුවන් මානසික පීඩනයටත් ලක්වෙලා බැරිම තැන තමයි මෙහෙම වෙන්වෙන්න තීරණය කරලා තියෙන්නේ..
ඉතින් කවුරුත් ආදරය කරන තවත් කලාකරුවන් දෙදෙනෙක් එලෙස වෙන්වුණා..
කෙසේ වෙතත් ඔවුන්ගේ නියෝජිත ආයතන නම් කියන්නේ ‘ලී ජේ වුක්’ ගේ සහ ‘කරීනා’ ගේ මේ වෙන්වීමට හේතුව ඔවුන්ගේ කලා කටයුතුවලට වැඩි අවධානයක් යොමුකරන්න ඕන නිසා කියලා..
ඒ කොහොම වුනත් දන්න අය දන්නවා ඇත්තටම මෙයාලා මේ විදියට වෙන් වෙන්වෙන්න ප්‍රධාන හේතුව කොරියන් toxic ෆෑන් බේස් එක කියලා..
හැබැයි මේ කාරණාව ඉස්මතු කරන්න ගියොත් ප්‍රේක්ෂකයෝ කුපිත වෙන නිසා මේ කලාකරුවන්ගේ නියෝජිත ආයතනය නිවේදනය කරනවා ඔවුන් තමන්ගේ පුද්ගලික ව්‍යාපෘතිවලට අවධානය දෙන්න තීරණය කරමින් මෙලෙස වෙන්වූ බවත්, ඔවුන්ගේ ඉදිරි වැඩකටයුතුවලට සහය දක්වන්න ලෙසත් එම නියෝජිතායතන ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා..
මොවුන්ට ආශිර්වාද කරපු ප්‍රේක්ෂකයොත් ඒ අතර හිටියා ඉතින් ඔවුන්ට නම් තාම මේ යුවලගේ වෙන්වීම පුදුමයක් කියලා තමයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරලා තිබුණේ..
( කොරියානු නිර්මාණ තරම්ම ඒ ප්‍රේක්ෂකයිනුත් ආදරණීය වුණා නම්…?)