දකුණු අප්‍රිකානු T20 කණ්ඩායමේ නායකත්වය හෙන්රික් කාල්සන්ට
පාකිස්ථානය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වය හෙන්රික් කාල්සන් හට ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ, එහි නායක ඒඩ්න් මාක්රම් එම තරගාවලියට සහභාගී නොවීම හේතුවෙන්.
ඔහු මේ වනවිට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරනු ලබනවා.
මෙම තරගාවලිය සහ පාකිස්ථාන තරගාවලිය අතර පරතයක් නොතිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මාක්‍රෝ ජෙන්සන්, කේෂව් මහාරාජ්, කර්ගිසෝ රබාඩා සහ ට්‍රිස්ටාන් ස්ඩබ්ස් යන ක්‍රීඩකයින්ට පාකිස්ථාන විස්සයි විස්ස තරගාවලිය අහිමි වනු ඇති.
කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයින් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහන්.