දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී බස් රථයක ගිනි ගනියි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ආසන්නයේදී අද (27) මගී බස් රථයක් ගිනි ගැනීමට ලක්ව ඇත.
මෙලෙස ගිනි ගෙන ඇත්තේ කතරගම බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී බස් රථයකි.
අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටියදී බස් රථය ගිනිගෙන ඇති අතර, එහිදී මගීන් ඉතා ඉකමන්නි බස් රථයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කර තිබුණි.
ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වීම නිසා කිසිවකුටත් කිසිදු තුවාලයක් හෝ වාර්තා වී නොමැති බවද වැඩි දුරටත් තොරතුරු වාර්තා වේ.
මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවෙමින පවතින අතර ගින්න
ට හේතුව තවමත් අනාවරණය වී නොමැත.
