දක්ෂිණ අධිවේගයේ වාහන 3ක් එකට හැප්පෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම හා දොඩංගොඩ අතර කිලෝමිටර් 18.09 පරගස්තොට ප්‍රදේශයේදී වාහන තුනක් එකිනෙක ගැටීමෙන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව අධිවේගි රථවාහන පොලිසිය පවසයි. කැබ් රථයක් සහ මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර වී ඇත. වාහන තුනම මාතර දිශාවට ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර වී ඇත.  අනතුරින් තුවාල ලැබූවන් කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇතුලත් කර ඇත. අනතුර හේතුවෙන් තරමක රථ වාහන තදබදයක් ඇති විය.

Share This