තිරප්පනේ නගරයේදී හිමිනමක් දුන් ආදර්ශය

තිරප්පනේ නගරයේදී හිමිනමක් දුන් ආදර්ශය

(තිරප්පනේ සමන් පෙරේරා)
තිරප්පනේ නගරය මධ්‍යයේ දී වාහනයකට යට වී දින දෙකක් තිබූ මියගිය සුනඛයෙකුගෙ මළකුණක් තිරප්පනේ ශ්‍රී සුදර්ශනාරාමාධිපති පූජ්‍ය කණ්ඩලමේ නන්දාරාම ස්වාමීන් වහන්සේ පන්සලේ තරුණයින් කීප දෙනෙකු සමඟ පැමිණ මළකුණ මාර්ගයෙන් ඉවත් කර වළ දැමීමට 03දා උදෑසන කටයුතු කෙරිණි.
ඉකුත් 01 වැනිදා සවස මියගිය මෙම සුනඛයාගේ මළකුණ දින දෙකක් මුළුල්ලේ නගරය මැද මාර්ගයේ තිබූ අතර එය ඉවත් කිරීමට කිසිදු ව්‍යාපාරිකයකු හෝ නගරවාසියෙකු ඉදිරිපත් වී නැත. එහෙත් මළකුණ දැක දැක බලාසිටීමට අකැමැති කවුරු හෝ පොහොර බෑගයක් රැගෙනවිත් එයින් මළකුණ වසා තිබිණ.
පසුව පූජ්‍ය කණ්ඩලමේ නන්දාරාම ස්වාමීන් වහන්සේ තවත් තරුණයින් කීප දෙනෙකු කැටුව සුනඛ මළකුණ ඉවත් කිරීමට කටයුතු කළ ද ව්‍යාපාරිකයින් හෝ නගරවාසීන් ඊට කිසිදු සහායක් හෝ දක්වා නොමැත. අනතුරුව වළක් කපා මළකුණ වළ දැමීමට කටයුතු කෙරිණි.
මිල මුදල් අතින් කෙතරම් පොහොසත් වුව ද මනුස්සකම් අතින් පිරිහී ඇති නම් ඒ සමාජය දියුණු නැත. මේ රට දියුණු කරන්නට පාලකයෝ කෙතරම් උත්සාහ කළත් මිනිසුන්න්ගේ ආකල්ප දියුණු නොවේ නම් රට තවත් දශක ගණනාවක් එක තැනම රැදෙනු ඇත.

Share This