තාක්ෂණික සමාගම් දෙකක් තහනම් කිරීම ගැන චීනයෙන්, ඇමරිකාවට දැඩි විරෝධය
මානව හිමිකම්වලට හානි කරන්නේ යැයි පදනම් විරහිත චෝදනා සිදු කරමින් ඇමරිකාව චීනයේ උසස් තාක්ෂණික සමාගම් දෙකක් සිය තහනම් ආයතන ලැයිස්තුවට එක් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
එම ඊනියා සම්බාධකය මානව හිමිකම් මුවාවෙන් චීන තාක්ෂණික සමාගම්වලට බාධා කිරීමේ උත්සාහයක් බවද චීනය පෙන්වා දෙනවා.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning ඊයේ (11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ අදහස් පළ කළා.
එහිදී අදහස් දක්වමින් ඇය කියා සිටියේ, ඇමරිකාව මානව හිමිකම් ආරක්ෂා කරන බවට වන ප්‍රකාශය අසත්‍යයක් බවයි.
අමෙරිකාව, එරට චීන ජනතාවගේ සංවර්ධන අයිතීන්ට හානි කිරීම සත්‍යයක් බව ඉන් මනාව පෙන්නුම් කෙරෙන බවද එහිදී ඇය සඳහන් කළා.
ඇමරිකාවේ එම උත්සාහය කිසිදු ලෙසකින් සාර්ථක නොවනු ඇතැයි අවධාරණය කළ ඇය කියා සිටියේ, ඇමරිකාව සැබෑ ලෙසම මානව හිමිකම් වැදගත් කොට සලකන්නේ නම්, පළමුව කළ යුත්තේ සිය මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ ක්‍රියාවන් නිවැරදි කර ගැනීම බවයි.
එමෙන්ම මානව හිමිකම් ප්රශ්නය දේශපාලනීකරණය සහ යුද ගැටුම් ඇති කිරීම, සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම, එහි අයිතීන්ට හානි කිරීම යනාදී ක්‍රියාවන් වහාම නතර කළ යුතු බව ද Mao Ning ප්‍රකාශ කර තිබෙනවා.