ත්රිපෝෂ ප්රවර්ධනයට පස් අවුරුදු සැලැස්මක්

ගැබිනි මව්වරුන්, කිරිදෙන මවුවරුන් සහ වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ පෝෂණ ආහාරයක් ලෙස ත්රිපෝෂ ප්රවර්ධනය කිරීම සඳහා ත්රිපෝෂ නිෂ්පාදනයට අවශ්ය දේශීය බඩ ඉරිඟු වගාව ඉහල නැංවීම අරමුණු කරගනිමින්, කොරියානු ජාත්යන්තර සහයෝගීතා ඒජන්සියත්(KOICA), ලෝක ආහාර වැඩසටහනත්(WFP), ශ්රි ලංකා රජය වෙනුවෙන් ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යංශයත් එක්ව “Sow and Grow” පස් අවුරුදු සංවර්ධන වැඩසටහන දියත් කරයි.

ව්යාපෘතිය මගින් ශ්රී ලංකාවේ වයස අවුරුදු 5ට අඩු දරුවන් 650,000ක හා ගැබිනි හා කිරිදෙන මව්වරුන් 330,000ක පමණ පෝෂණය වැඩිදියුණු කිරීම අපේක්ෂා කෙරේ.

Share This